Atha Wiriyen Osawa Song Lyrics - අත වීරියෙන් ඔසවා ගීතයේ පද පෙළ

Atha Wiriyen Osawa Song Lyrics - අත වීරියෙන් ඔසවා ගීතයේ පද පෙළ
Song Title : Atha Wiriyen Osawa (අත වීරියෙන් ඔසවා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ලයනල් ගිණිගේ
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ //

අපගේ සරූ පොළවේ
හදෙ හීයෙ ගී වපුරා //
අතරේ නැගූ සුවයේ
ගීතේ ගයා මතුරා

එඩියයි දිරියයි
සතුටයි ශ්‍රමයයි
හැමදේ මෙලෙසේ යොදවා
සේවේ සදමූ රටෙහී //

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ //

හිසෙහී බැඳී ඇති දේ
සිතෙහී රැඳී ඇති දේ
සේවේ තකා පුදදී
සේවේ නිසා සිත දී

බලයයි ගුණයයි
දිරියයි එළියයි
කතරේ ජලයේ උතුරා
ලන දා දුර නෑ රටෙහී //

අත වීරියෙන් ඔසවා
හිත ආදරෙන් රඳවා

දෙපයේ සවී යොදවා පුදව්
දිණු මේ රටේ සේවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment