Atha Kadurali Simba Dawatila Song Lyrics - ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල ගීතයේ පද පෙළ

Atha Kadurali Simba Dawatila Song Lyrics - ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල ගීතයේ පද පෙළ
Song Title : Atha Kadurali Simba Dawatila (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු සමග සී.ඩී. ෆොන්සේකා
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : පැට්‍රික් දෙණිපිටිය
1967 දී තිරගතවූ සැඟවුණු මැණික චිත්‍රපටියේ ගීයකි.


ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා //

හමන මඳනලයි
සුවඳ බර මලයි //
කරන සුරතල් රඟ දැක සැනසිල

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා //

සේද වලා
මෑතට පාවෙලා //

පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා
පියඹලා එන කුරුල්ලනේ අනෙ
පාර පවසව් සොයලා

තොපි වගේ අපි තුරුලු වෙන්නෙමු
තරුණ ජීවිත රසේ උරාලා

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා //

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ජීවිතයේ
මේ සුළු කාලයේ //

එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ

එක ගසේ එක කැදැල්ලෙහී ඉමු
පරෙවි පැටවුන් විලසේ

සමගිතාවෙන් රසට කා බී
සතුටු වී ඉමු උදාවු දවසේ

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා

හමන මඳනලයි
සුවඳ බර මලයි
කරන සුරතල් රඟ දැක සැනසිල

ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිල
සීත චන්දන සිසිලක එතිලා

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

ලාලාලා ලා... ලාලාලා ලා...
ලාලාලා ලා... ලාලාලා ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment