Atha Chandana Hime Song Lyrics - ඈත චන්දන හිමේ ගීතයේ පද පෙළ

Atha Chandana Hime Song Lyrics - ඈත චන්දන හිමේ ගීතයේ පද පෙළ
Song Title : Atha Chandana Hime (ඈත චන්දන හිමේ)
ගායනය : ජී. එස්. බී. රාණි පෙරේරා සහ ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මානය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සැපත සොයා (1965)


ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ //

ලතා දළු දාලා
ගසේ පැටලීලා
කියයි පෙම් කතා
සෙනේහස පාලා
එමී හිනැහීලා
ඔබේ අත පතා

ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ

ජීවන මීවිත පිරිලා ගියා
ඒ රස මුවගට තේරී ගියා //

කුසුම් කැන් පෙව් මී
සුළං රොද පාවේ //
රසයි ජීවිතේ

ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment