Mada Diye Pipunata Song Lyrics - මඩ දියෙ පිපුණට ගීතයේ පද පෙළ

Mada Diye Pipunata Song Lyrics - මඩ දියෙ පිපුණට ගීතයේ පද පෙළ
Song Title : Mada Diye Pipunata (මඩ දියෙ පිපුණට)
ගායනය : ජී. එස්. බී. රාණි පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : එඩ්වින් සමරදිවාකර
දස්කම චිත්‍රපටියෙන් (1958)


මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ //
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ
පළඳා ලංකාර වේලූ

විල මැද මල් වාගෙ ගෙලෙ බැඳි මුතු වාගෙ
සඳ මත තරු වාගෙ
හෝ හෝ හෝ හෝ
ඔබ මට සෑහේ
සිතුවිලි පිබිදී සුළලිත ගී නැඟී
සිත ගිය තැනෙහී ඇත රජ මාළිගේ
ඇත රජ මාළිගේ

මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ //
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ
පළඳා ලංකාර වේලූ

පවසන්න වාගේ මාගේ ප්‍රමෝදය
නලියන්නෙ ළපලු ලතා
හංගන්නදෝ හොර රහසේ කෙසේ
මෝරා නැඟේ
නොඉඳුල් වූ නොකලැල් වූ ප්‍රීතී සැපේ
කුළුඳුල් වූ සුනිමල් වූ ප්‍රීතී සැපේ

මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ //
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ
පළඳා ලංකාර වේලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment