Obata Atha Pawe Song Lyrics - ඔබට අත පෑවේ ගීතයේ පද පෙළ

Obata Atha Pawe Song Lyrics - ඔබට අත පෑවේ ගීතයේ පද පෙළ
Song Title : Obata Atha Pawe (ඔබට අත පෑවේ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.1957 දී තිරගතවූ Samundar හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Chain Nahi Aaye Kahan Dil Jaaye Sajanwa Ho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ
ඇයිද අහෝ...
දුකය බොහෝ... //
ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ

හද උයනේහී නෑවි සුගන්ධේ
ප්‍රේම කුසුම පිබිදේවී
ඕ.. ඔඕ..
හද උයනේහී නෑවි සුගන්ධේ
ප්‍රේම කුසුම පිබිදේවී
නේත්‍ර නැතී ලෙස නොබලා මා දෙස
මැලවී පාඩුවෙ යාවී //

ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ
ඇයිද අහෝ...
දුකය බොහෝ...
ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ

බාරිය හා දරු ස්නේහෙ නිසාවෙන්
ජීවිත අහසේ නැගුන වලාවෙන්
පෑවූව සඳ වන් මා වැසුණාදෝ
මා වැසුණාදෝ

ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ
ඇයිද අහෝ...
දුකය බොහෝ... //
ඔබට අත පෑවේ
කිමද පිටුපෑවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment