Thiloguru Budu Piye Song Lyrics - තිලෝගුරු බුදු පියේ ගීතයේ පද පෙළ

Thiloguru Budu Piye Song Lyrics - තිලෝගුරු බුදු පියේ ගීතයේ පද පෙළ
Song Title : Thiloguru Budu Piye (තිලෝගුරු බුදු පියේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.


තිලෝගුරු බුදු පියේ
කිමද මට මේ වුණේ
මේ කෘෘර ලෝකේ
මේ කෘෘර ලෝකේ

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා
ගැලිලා විනාස වී යනවා
සමිඳේ සමිඳේ

තිබුණාට ආදරේ නෑ තිරා
වුණි දෝ මෙ කාගෙ සාපේ

සැනසීම සෑමදා මේ
මට නෑ පියේ නිවාසේ
හද මාගෙ බෝම දේ සෝකා
හද මාගෙ බෝම දේ සෝකා
සමිඳේ සමිඳේ

කරුණාව මා වෙතේ පා දයා
ගෙන දෙන්න පවුලෙ සාමේ

මල වාගෙ යාවි මැලවී
සැපතා ම ජීවිතේහී
මොන පාපයක් කළාදෝ මා
මොන පාපයක් කළාදෝ මා

සිත මාගේ පෑරුණා
සැමි මා සුරා පානේ
ගැලිලා විනාස වී යනවා
ගැලිලා විනාස වී යනවා
සමිඳේ සමිඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment