Jiwithe Gangawaki Song Lyrics - ජීවිතේ ගංගාවකී ගීතයේ පද පෙළ

Jiwithe Gangawaki Song Lyrics - ජීවිතේ ගංගාවකී ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Gangawaki (ජීවිතේ ගංගාවකී)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "පුරුෂ රත්නය" චිත්‍රපටියේ ගීයකි.


ජීවිතේ ගංගාවකී

ජීවිතේ ගංගාවකී
දෙෙවෙ එහි දිය පාරකී
ජීවිතේ ගංගාවකී

ඒ ගඟේහී පාවෙනා
පිදුරු කැබලිය ලෝ දනා //

එකට එක්වී ටික දුරක් වී

එකට එක්වී ටික දුරක් වී
ආයෙ වෙන්වී යයි වහා

ජීවිතේ ගංගාවකී

එකතුවීමට යළි බෙදීමට පිදුරු පිඬවල නැත බලේ

එකතු කරවූ නැවත බිඳවූ ඉරණමයි ඒ ගං ජලේ

හමුවෙදෝ නොවෙදෝ කියා
කාට කිව හැකිදෝ සොයා

දෙෙවයාගේ අණට පිටුපා යන්න යාදෝ ලෝකයා

ජීවිතේ ගංගාවකී
දෙෙවෙ එහි දිය පාරකී
ජීවිතේ ගංගාවකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment