Sadu Piye Bhagawa Song Lyrics - සාදු පියේ භගවා ගීතයේ පද පෙළ

Sadu Piye Bhagawa Song Lyrics - සාදු පියේ භගවා ගීතයේ පද පෙළ

Sadu Piye Bhagawa Song Lyrics - සාදු පියේ භගවා ගීතයේ පද පෙළ
Song Title : Sadu Piye Bhagawa (සාදු පියේ භගවා)
ගායනය : ලතා වල්පොල සහ මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
සංගීතය : පී.එස්. දිවාකර්
1958 දී තිරගතවූ "සල්ලි මල්ල් සල්ලි" චිත්‍රපටියේ ගීයකි.ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


සාදු පියේ භගවා බුදු රජුනේ
සාදු පියේ භගවා
ආ.. ආආ ආ.. ආආආ.. ආආආ..

සාදු පියේ භගවා බුදු රජුනේ
සාදු පියේ භගවා
සාදු පියේ භගවා //

ශ්‍රීපා පද්මේ වඳිම් ප්‍රේමෙනා //
මෝහය දුරු කරවා
සාදු පියේ භගවා

ලෝකෙට තිලකවු ශ්‍රී සද්ධර්මේ
දසත ව්‍යාප්තී වේවා
ආ ආ... ආ ආ... ආ ආ... ආ ආ...

ක්‍රෝධය මෝහය ලෝකෙන් දුරලා
සතට සෙත සෑදේවා
භීතිය ගෙන දෙන මේ සංසාරෙන් //
ගොඩවෙමී කවදා
සාදු පියේ භගවා

පස් පව් ආදී අකුසල කර්මේ
ධර්මෙන් යටපත් වේවා
ආ ආ... ආ ආ... ආ ආ... ආ ආ...

සීල සමාධී පුණ්‍ය ක්‍රියාවේ
මහිමෙන් ලොව සැනසේවා
බුද්ධ ජයන්තිය මහිමේ බලයෙන් //
ජීවමානය වී
සාදු පියේ භගවා

ගෞතම බුදු වී ලෝසත සැනසූ
බුදු පියේ බලධාරී
ආ ආ... ආ ආ... ආ ආ... ආ ආ...

නේත්‍ර ප්‍රදීපේ දෙවා වදාළේ
ඔබවද තිලොවගධාරී
සරණයි සරණයි බුද්ධං සරණයි //
පිහිට ඒ හැමදා
සාදු පියේ භගවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment