Siriywa Mathuwe Winode Song Lyrics - සිරියාව මතුවේ විනෝදේ ගීතයේ පද පෙළ

Siriywa Mathuwe Winode Song Lyrics - සිරියාව මතුවේ විනෝදේ ගීතයේ පද පෙළ
Song Title : Siriywa Mathuwe Winode (සිරියාව මතුවේ විනෝදේ)
ගායනය : ලතා වල්පොල
පද : ඒ.ජේ. ද සොයිසා
සංගීතය : පී.එස්. දිවාකර්
1958 දී තිරගතවූ "සල්ලි මල්ල් සල්ලි" චිත්‍රපටියේ ගීයකි.ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


සිරියාව මතුවේ විනෝදේ
යස අරුණෝදේ සංගීත නාදේ //

කුක්කු කූ කූ ගීත ගයාලා
එන්න යන්න මේ කෑම සොයාලා

ඕ... ඕ ඕ..
කුක්කු කූ කූ ගීත ගයාලා
එන්න යන්න මේ කෑම සොයාලා
කෝ එන්න මාගේ පුතාලා
යස අරුණෝදේ සංගීත නාදේ

සිරියාව මතුවේ විනෝදේ
යස අරුණෝදේ සංගීත නාදේ

පාට ඩේලියා රෑ මනමාලී
ජාති ජාති මල් සුවඳ හමාවී

ඕ... ඕ ඕ..
පාට ඩේලියා රෑ මනමාලී
ජාති ජාති මල් සුවඳ හමාවී
ප්‍රීතිය හර්දේ නැගේවී
යස අරුණෝදේ සංගීත නාදේ

සිරියාව මතුවේ විනෝදේ
යස අරුණෝදේ සංගීත නාදේ

ආලයයි කියා නමක් ලොවේහී
ඇති කළේ මලයි මේ හැඩකාරී

ඕ... ඕ ඕ..
ආලයයි කියා නමක් ලොවේහී
ඇති කළේ මලයි මේ හැඩකාරී
සිරියාව මතුවේ විනෝදේ
යස අරුණෝදේ සංගීත නාදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment