Pem Pipase Niwapu Dase Ma Sathu Song Lyrics - පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ ගීතයේ පද පෙළ

Pem Pipase Niwapu Dase Ma Sathu Song Lyrics - පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ ගීතයේ පද පෙළ
Song Title : Pem Pipase Niwapu Dase Ma Sathu (පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ)
ගායනය : ලහිරු ප්‍රහාත්
ගී පද : කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි


පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ
සිහින දෑල බින්ද දෙබැම දේදුණු
පෙම් පිපාසේ නිවපු දෑස මා සතූ
සිහින දැහැන බින්ද දෙබැම දේදුණු
වසා ගනින් ළදේ නුරා පොරෝනයෙන්
තුහීන වැටෙන ප්‍රේමණීය සීතලේ
ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
යමු ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ වෙලී
පෙම් පිපාසේ වින්ද දෑසේ මා සතූ

නිහඬතාවේ හද නදී තලාවේ
සලිත වී ඔබේ බැල්මෙ කැල්මෙන්
සුහදතාවේ යන සේ පිටාරේ
විඳීමී සුවේ ඔබගේ ගැල්මෙන්
මිහිරාවි මහදේ ගී ලිව්ව දෑසින්
ඉටුකලාට සියළු ප්‍රාර්ථනාවන්
ප්‍රේමයෙන් පුද දෙමී

ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
යමු ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ වෙලී
පෙම් පිපාසේ වින්ද දෑසේ මා සතූ

ඔබ අතින් විසිරෙනා
මල් පවා හැසිරෙනා
ඔබේ අතින් විසිරෙනා
මල් පවා හැසිරෙනා
අමුතු තාලේ හිතාගන්න
බැරි ඇයි කියා
මටම නොදැනේ ළදේ

ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
මේ ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ එතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment