Muhudu There Handewe Song Lyrics - මුහුදු තෙරේ සැන්දෑවේ ගීතයේ පද පෙළ

Muhudu There Handewe Song Lyrics - මුහුදු තෙරේ සැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Muhudu There Handewe (මුහුදු තෙරේ සැන්දෑවේ)
ගායනය : ලෙස්ලි ප්‍රනාන්දු
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ධර්ම ශ්‍රී වික්‍රමසිංහ


මුහුදු තෙරේ...
මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ

වසන්තයේ එක සැන්දෑ යාමෙක
ඔබ හමුවූ දින මට මතකයි //
දහසක් දෙනුවන් අතරින් දුටුවේ
ඔබගේ නිල්මිණි නෙත් යුගලයි

මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ

පෙර අත් භවයෙක එක් වී සිටියෙද
මගේ සිතට සැකයකි නැගුනේ //
නැතිනම් කෙලෙසද දුටුව මුල් දිනේ
ඔබ වෙත මෙතරම් සිත බැඳුණේ

මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment