Kiyanna Sulange Oba Koyi Sitado Enne Song Lyrics - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගීතයේ පද පෙළ

Kiyanna Sulange Oba Koyi Sitado Enne Song Lyrics - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගීතයේ පද පෙළ

Kiyanna Sulange Oba Koyi Sitado Enne Song Lyrics - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගීතයේ පද පෙළ
Song Title : Kiyanna Sulange Oba Koyi Sitado Enne (කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ)
ගායනය : ඇනස්ලි මාලෙවන, ලිලන්ති කරුණානායක
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කරුණාරත්න අබේසූරිය


කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ //

කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ

ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ

කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා

බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද

ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න //


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyanna Sulange Oba Koyi Sitado Enne Song Lyrics - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගීතයේ පද පෙළ Kiyanna Sulange Oba Koyi Sitado Enne Song Lyrics - කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment