Iranamata Sawoma Hathiwewi Song Lyrics - ඉරණමට සැවොම ගැතිවේවි ගීතයේ පද පෙළ

Iranamata Sawoma Hathiwewi Song Lyrics - ඉරණමට සැවොම ගැතිවේවි ගීතයේ පද පෙළ

Iranamata Sawoma Hathiwewi Song Lyrics - ඉරණමට සැවොම ගැතිවේවි ගීතයේ පද පෙළ
Song Title : Iranamata Sawoma Hathiwewi (ඉරණමට සැවොම ගැතිවේවි)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : රාජන් සහ නාගේන්ද්‍ර
1960 දී තිරගතවූ "වීර විජය" (විජයපූරි වීරන් [Vijayapuri Veeran] නම් දෙමළ චිත්‍රපටි කතාවයි) චිත්‍රපටියේ ගීයකි.ගී තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගැනීමකි.


ඉරණමට සැවොම ගැතිවේවි //
රජ මැදුරෙ කුමරි
සිත දිළිඳු යදිය වෙත
පුදන පුදුම ඇතිවේවී
ඉරණමට සැවොම ගැතිවේවි

සැම රසය රසට මුසු වේවී //
හිරු රැස ද සුළඟෙ සුව
පොළව දිය ද
ගස් වැල් ද එකට එක්වේවී
සැම රසය රසට මුසු වේවී

හා හා... ආහා හා.....
ඕ හෝ... ඕහොහ් හෝ.....

පිපුණ මලින් එන සුවඳ පවන් (හා... හාහා...)
වැද සිසිලව හද ගිම් නිවේ (හාහා... ආඅ ආආ..)
පෙමට ලොබින් බැඳි අසරණයෙක් වෙද (හෝ හෝ...)
සිහි වැද හද ගිනි දැවේ (ඕ හෝ... ඕහෝහෝ....)

පිං මහිමේ ඇති නම් නියමේ (ආ... ආ..... ආආ...)
හිමි වෙයි ඒ උරුමේ සදා (ආ..... ආආ...)
එක්වුණු මේ හද වෙන් කෙරුමේ (ආ... ආ..... ආආ...)
අද කවුද ඉන්න බලවතා (ආ... ආ..... ආආ...)

රමණීය රාණි මගෙ සිරියා
රමණීය රාජ මගෙ දෙවියා

ඉරණමට සැවොම ගැතිවේවි //
රජ මැදුරෙ කුමරි
සිත දිළිඳු යදිය වෙත
පුදන පුදුම ඇතිවේවී
ඉරණමට සැවොම ගැතිවේවි

හහ් හා... අහහා....
හෝ හෝ... ඔහොහෝ....

සුර යුවලක් මිහි බට විලසක්
පෙන්වයි සැරසී රුක් ලතා
සුර විමනක් මවමින් දෙහදක්
ළතවේය ප්‍රේම සිරි පතා //

රමණීය රාජ මගෙ දෙවියා
රමණීය රාණි මගෙ සිරියා

සැම රසය රසට මුසු වේවී //
හිරු රැස ද සුළඟෙ සුව
පොළව දිය ද
ගස් වැල් ද එකට එක්වේවී
සැම රසය රසට මුසු වේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment