Ashawe Mal Waten Ebi Karoke Song - ආශාවේ මල් වැටෙන් එබී කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/393759561951314/
Ashawe Mal Waten Ebi Song Lyrics - ආශාවේ මල් වැටෙන් එබී ගීතයේ පද පෙළ
Song Title : Ashawe Mal Waten Ebi (ආශාවේ මල් වැටෙන් එබී)
ගායනය : විශාරද බණ්ඩාර අතාවුද
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : විශාරද ගුණදාස කපුගේ

මේ ගීයේ නිධාන කතාව ද සුවිශේෂී එකකි.කපුගේට තම පෙම්වතිය (ප්‍රේමා විතානගේ) හමුවන්නේ සසර පුරුද්දක් නිසා යැයි මම සිතමි.(ඒ හමුවීමේ කතාව මෙතැන නොලියමි. )
විවාහ ගිවිසා ගෙන සිටි කපුගේ තම සුහදිනිය මිතුරන්ට හඳුන්වා දෙන්නට ගුවන් විදුලියට කැඳවා ගිය අවස්ථාවේ ඔහුට ඩෝල්ටන් අල්විස් මුණගැසෙයි. ඒ සැණෙහි ඩෝල්ටන් තුළ ජනිත වූ කාව්‍යමය සිතුවිල්ල ගීයකට පබැඳේ. කපුගේ ද ඒ වෙලේම ගීයට තනුවක් ‍නිර්මානය කරයි. මේ සියල්ල අතරෙහි සිටි ප්‍රේමා ගීය අසන්නට මහත් ආශාවෙන් මඟ බලා හිඳින්නීය. ඈ දැඩි සොම්නසින් සිටියේ කපු ඒ ගීය ගයනවා අසන්නටයි.
මේ අතර තම සරල ගී වැඩසටහනට ගීයක අඩුවක් නිසා ගුවන් විදුලියේ කලබලයෙන් එහෙ මෙහෙ දුවන තරුණයකුගේ කලබලයට හේතුව හඳුනාගන්නා කපූ, තමා නුදුරු දිනක ගයන්නට සිටි ගීය අර තරුණයාට පරිත්‍යාග කරයි.



ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

රෑ නිල් අහසේ
නිදන සඳවතී //
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

පායන සඳ සේ
රුසිරු හසරැළී //
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔඹ මගේ කළූ
නයන කළූ ඔඹ මගේ කළූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment