Podi Kale Api Denna Song Lyrics - පොඩි කාලේ අපි දෙන්නා ගීතයේ පද පෙළ

Podi Kale Api Denna Song Lyrics - පොඩි කාලේ අපි දෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Podi Kale Api Denna (පොඩි කාලේ අපි දෙන්නා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ
ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ

ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ
කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ
ඇසුමය වාගේ
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
දැමූ අතීතයමා වෙත නිහඩව කියලා
වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා
මදු මල් පිපිලා

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment