පොල් වතුරෙන් විනාකිරි හදමු (Winakiri Hadamu)

පොල් වතුරෙන් විනාකිරි හදමු (Winakiri Hadamu) - Your Choice Way

ගෙදරදිම පොල් වතුරෙන් විනාකිරි හදා ගන්න ක්‍රමයක් මං ඔයාලට කියලා දෙන්න හිතුවා. ඇත්තටම මේ ක්‍රමයට හදා ගන්න විනාකිරි නියම පොල් විනාකිරි රසය සහ සුවඳ තියෙනවා . ඉතිං ඔයාලත් උත්සාහ කරලා බලන්න .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔹 පොල් වතුර ලීටර් 1 ක්
  • 🔹 සීනි 125g ක්
  • 🔹 යීස්ට් තේ හැඳි 1/2 ක් පමණ
  • 🔹 මුහුන් සඳහා විනාකිරි 100ml ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌀 මුලින්ම පොල් වතුර භාජනයකට පෙරා ගන්න. මැටි භාජනයක් පාවිච්චි කරන්න,  එය වඩා හොඳයි .
  2. 🌀 පෙරාගත් පොල් වතුරට සීනි එකතු කර නටන තෙක් උණු කර ගන්න.
  3. 🌀 පසුව එය කාමර උශ්ණත්වයට එන තෙක් තබන්න.
  4. 🌀 දැන් නිවුනු විනාකිරි ද්‍රාවණයට යීස්ට් එකතු කර මිශ්‍ර කර ගන්න.
  5. 🌀 ඊලඟට අඳුරු පැහැති පියන සහිත භාජනයකට මෙම ද්‍රාවණය දමා පියනෙන් වසා සතියක් පමණ පැසීමට තබන්න.
  6. 🌀 සතියකට පසු නැවත මැටි භාජනයකට මෙම ද්‍රාවණය පෙරා අඩුම උශ්ණත්වයේ විනාඩි 20ක් පමණ රත් කර ගන්න.
  7. 🌀 දැන් සිසිල් වනතුරු තබන්න.
  8. 🌀 නිවුනු පසු මුහුන් ලෙස විනාකිරි එකතු කර මිශ්‍ර කර ගන්න.
  9. 🌀 අනතුරුව භාජනයකට දමා පියනෙන් වසා මාසයක් තබන්න.
  10. 🌀 මාසයකට පසු ඔයාලට පෙනේවි හොඳින් පැසුනු විනාකිරි ද්‍රාවණයක් . ඒවගේම විනාකිරි සුවඳ හොඳින් දැනේවි.
  11. 🌀 දැන් නැවත මේ ද්‍රාවණය මැටි භාජනයකට දමා අඩුම උශ්ණත්වයේ විනාඩි 20ක් පමණ රත් කරන්න.
  12. 🌀 නිවෙන්නට පෙර අඳුරු පැහැ ප්ලාස්ටික් බෝතල් වල අසුරා ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
පොල් වතුරෙන් විනාකිරි හදමු (Winakiri Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment