Udawuna Hiru Udana Geeyen Song Lyrics - උදාවුණා හිරු උදාන ගීයෙන් ගීතයේ පද පෙළ

Udawuna Hiru Udana Geeyen Song Lyrics - උදාවුණා හිරු උදාන ගීයෙන් ගීතයේ පද පෙළ
Song Title : Udawuna Hiru Udana Geeyen (උදාවුණා හිරු උදාන ගීයෙන්)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සුනිල් සරත් පෙරේරා
මහවැලි උදාන ගීයක්. සජීවී ගායනයකින් උකහා ගත්තකි.


උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු

අපගේ දේශය අපේම ශක්තිය මත හෙට වන විට
ගොඩ නැංවෙනවා පවුරු කඩුලු ඈ වැට කොටු සිඳ බිඳ
අලුත් ලොවට දොර කවුළු ඇරෙනවා

උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු

වියරු වැටී ආ මහවැලි මහ ගඟ
අප උරතල දී වෙනතක යනවා
නැවුම් සුවඳ දෙන අලුත්ම පොළවක්
යසස උදාකර ඉන් මතුවෙනවා

උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment