Bangalawe Idan Song Lyrics - බංගලාවේ ඉඳන් ගීතයේ පද පෙළ

Bangalawe Idan Song Lyrics - බංගලාවේ ඉඳන් ගීතයේ පද පෙළBangalawe Idan Song Lyrics - බංගලාවේ ඉඳන් ගීතයේ පද පෙළ
Song Title : Bangalawe Idan (බංගලාවේ ඉඳන්)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ස්ටැන්ලි පීරිස්

බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්
ලැයිමේ උපන් අපිට කන්දෙන් නැගී එන්ට
මායිම් වැටෙන් නෑ වරම්
බොහොම තහනම් දමාලා ඔහෙන්
බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්

හුණ්ඩු දෙකක් ගන්ට නැතා රූපවතී
බැන්ද ආලෙ නින්දගමක් තරම ඇතී
ඈත ඈත මල් නෙළන්න කන්ද නැගී
නේක හීන මැවු තරමා හාමු දනී

බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්
ලැයිමේ උපන් අපිට කන්දෙන් නැගී එන්ට
මායිම් වැටෙන් නෑ වරම්
බොහොම තහනම් දමාලා ඔහෙන්
බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්

කන්ද දිගට යන්න ගියා හැන්දැ වුණා
අන්න එතැන කැන්ද ගහේ බකමූණා
හූම් හූම් කේලමෙන්ම රෑත් වුණා
හීතලේම ලැයිමට රෑ සින්න වුණා

බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්
ලැයිමේ උපන් අපිට කන්දෙන් නැගී එන්ට
මායිම් වැටෙන් නෑ වරම්
බොහොම තහනම් දමාලා ඔහෙන්
බංගලාවේ ඉඳන් මට පේන දුරින් අත වනන්නෙපා හාමූ
එන්ඩ බැරුවාය ආයේ ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment