Sagaraya Bandu Wedanawo Song Lyrics - සාගරය බඳු වේදනාවෝ ගීතයේ පද පෙළ

Sagaraya Bandu Wedanawo Song Lyrics - සාගරය බඳු වේදනාවෝ ගීතයේ පද පෙළ
Song Title : Sagaraya Bandu Wedanawo (සාගරය බඳු වේදනාවෝ)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : ශාන්ත දේශබන්දු
තනුව : සේනානායක වේරලියද්ද


සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ //

පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැතිවෙද
රුදුරු බාධාවෝ
පැමිණි දුක්‌ කඳ පැණිරසක්‌ ලෙස
බෝසතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්‌ඛ ගංගාවෝ

සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ

එදා කඳුළැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳනම් යනෙන ගමනෙදි
සිහින එළිවෙනවෝ
මිනිස්‌ ලොවකට ලබන්නට බැරි
ජයක්‌ කොතැනකදෝ
මිනිස්‌කම් මත දිවි ගෙවයිනම්
ඔවුන් ජය ලැබුවෝ

සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment