ඉස්සො වඩේ හදමු (Isso Wade Hadamu)

ඉස්සො වඩේ හදමු (Isso Wade Hadamu) - Your Choice Way

හැම රටකම වීදි ආහාර සංස්කෘතියක් තියෙනවා ඔයාලා දන්නවානෙ, විවිධ ආහාර වර්ග පාරවල් වල තියන් විකුණනවා ඔයාලා දැකලා ඇති. ඉතිං මේ වීදී ආහාර රටාවේ නිරන්තරයෙන්ම අපට දක්නට ලැබෙන ආහාරයක් තමයි ඉස්සො වඩේ. ගාලුමුවදොර පිටියෙදි, බස් නැවතුම්පොළ දි, දුම්රියෙදි සහ තවත් ගොඩාක් තැන්වල අපට මේ ඉස්සො වඩේ දැක ගන්න පුළුවන් . දැක්කත් කන්න ආස හිතෙන සුවඳට කටට කෙල උනන, ඔන්න ඒ ඉස්සො වඩේ අපි ගෙදරම හදලා රස බලමු එහෙනම් 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🦐 මයිසූර් පරිප්පු කෝප්ප 1 1/2 ක්
  • 🦐 මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් අවශ්‍ය පමණ
  • 🦐 සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩි 7,8 ක්
  • 🦐 ලියාගත් අමු මිරිස් කරල් 2 ක්
  • 🦐 සිහින්ව ලියාගත් සුදුළූනු බික් 1ක්
  • 🦐 කරපිංචා ටිකක්
  • 🦐 පාන්පිටි මේස හැඳි 2 ක් පමණ
  • 🦐 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
  • 🦐 කහකුඩු ස්වල්පයක්
  • 🦐 මිරිස් කුඩු ස්වල්පයක්
  • 🦐 අවශ්‍ය පමණ ලුනු
  • 🦐 දෙහි යුශ ටිකක්
  • 🦐 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ මුලින්ම පරිප්පු හොඳින් සෝදා පැයක් පමණ පොඟවා ගන්න.
  2. ⭕ ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුනු, මිරිස් කුඩු, කහ සහ දෙහි යුශ දමා අතගා තබන්න.
  3. ⭕ පොඟවා ගත් පරිප්පු දිය බේරා තරමක් කැබලි සිටින සේ අඹරා ගන්න . කැමති නම් එයට ඉස්සන් කිහිප දෙනෙක් එකතු කර අඹරා ගන්න එවිට වඩා රසවත්.
  4. ⭕ පසුව අඹරා ගත් පරිප්පු වලට ලියාගත් රතුලූනු, ලියාගත් සුදුළූනු , අමු මිරිස් ,කරපිංචා , කෑලි මිරිස් , අවශ්‍ය පමණ ලුනු සහ පාන්පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න.
  5. ⭕ දැන් එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා අල්ල මත තබා ඒ මත සීසන් කරගත් ඉස්සෙක් හෝ කිහිපයක් තබා අනෙක් අල්ලෙන් තද කරමින් පැතලි කර හැඩය සකසා ගන්න. මෙසේ සකස් කල විට ඉස්සන් වඩේ එකට හොඳින් සවි වෙනවා.
  6. ⭕ මෙසේ සකසා ගත් වඩේ හොඳින් රත් වූ ගඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  7. ⭕ බැදගත් ඉස්සො වඩේ තෙල් ඉවත් වනතුරු පිරිසිදු කඩදාසියක් මතට දමන්න.

ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋

හෙළයේ රස මිහිර
ඉස්සො වඩේ හදමු (Isso Wade Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment