Sada Ukulu Thala Ma Suwa Yahanata Song Lyrics - සදා උකුළු තල මා සුව යහනට ගීතයේ පද පෙළ

Sada Ukulu Thala Ma Suwa Yahanata Song Lyrics - සදා උකුළු තල මා සුව යහනට ගීතයේ පද පෙළ
Song Title : Sada Ukulu Thala Ma Suwa Yahanata (සදා උකුළු තල මා සුව යහනට)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : අතුල සෝමසිරී


සදා උකුළු තල මා සුව යහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

ඇකය පුරා පැන දැඟලිලි පාලා
දෙතොල පුරා රස කිරි තවරාලා //

මා සැනසෙන තුරු නැළවිලි ගීයෙන්
හෙළමි කඳුළු මගෙ දුක පවසනසේ

සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවද බෙදාලු //
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා

සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment