Prema Yathika Song Lyrics - ප්‍රේම යාතිකා ගීතයේ පද පෙළ

Prema Yathika Song Lyrics - ප්‍රේම යාතිකා ගීතයේ පද පෙළ
Song Title : Prema Yathika (ප්‍රේම යාතිකා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : ප්‍රේමසිරි කේමදාස


ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

සවිබල දෑතින් පස්කැට පෙරලන
ඩා බිඳු මතුවී සියොළඟ උතුරන
දරුවන් දිරි ගන්වන්නට දෙරණේ
ගයනු මැනවි අභිමානන ගී
ගයනු මැනවි අභිමානන ගී

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

මරසෙන් ගුගුරා පෙරමුණ ආවත්
අපගේ අරමුණ නෑ නවතින්නේ
සෞභාග්‍යය සැප සතුට නිධානවු
ලොව ඉදිකෙරුමට යනවා
ලොව ඉදිකෙරුමට යනවා

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

ඔබගේ පෙම් ගී දැහැනින් මිදිලා
ගායකයාණෙනි අපි දිරි වැඩුමට
උදාන ගී මතුරණු මැනවී
උදාන ගී මතුරණු මැනවී

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment