Paduru Ela Ra Hada Yata Song Lyrics - පැදුරු එළා රෑ හඳ යට ගීතයේ පද පෙළ

Paduru Ela Ra Hada Yata Song Lyrics - පැදුරු එළා රෑ හඳ යට ගීතයේ පද පෙළ
Song Title : Paduru Ela Ra Hada Yata (පැදුරු එළා රෑ හඳ යට)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


පැදුරු එළා රෑ හඳ යට
අපි දෙන්නා තුරුලට ගෙන
අම්මා කී බුදු සිරිතේ කතා මතකදෝ
ඒ එක් පුවතක නුඹ ඇසු
රා බී හොඳටම මත්වුණු
නාලාගිරි වී මල්ලියෙ මේ ඒ නුඹදෝ

ඇතුගෙ නපුරු ගති අහලා
මවු තුරුලට දැවටීලා
බය වී හැඬුවා මතකයි නුඹ ඒ බාලේ
ඇස ඇස කඳුළැලි දී නුඹ
මත් පෙළහර පානා අද
වැදු බුදු මවු නෙත කඳුළට කෝ ඒ කඳුළූ

සෙනෙහෙ පිරුණු ළය දෙදරා
කඳුළු කැටිති වී බිඳුනේ
තුන්යම නුඹ ගැන මව දුටු හීන නොවේදෝ
හැරදා ඔය මත් විජිතය
එනදා යළි මවු උකුළට
කියහන් මල්ලියෙ කියහන් තවදුර වේදෝ

පැදුරු එළා රෑ හඳ යට
අපි දෙන්නා තුරුලට ගෙන
අම්මා කී බුදු සිරිතේ කතා මතකදෝ
ඒ එක් පුවතක නුඹ ඇසු
රා බී හොඳටම මත්වුණු
නාලාගිරි වී මල්ලියෙ මේ ඒ නුඹදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment