Mayuri Mage Song Lyrics - මයුරී මගේ ගීතයේ පද පෙළ

Mayuri Mage Song Lyrics - මයුරී මගේ ගීතයේ පද පෙළ
Song Title : Mayuri Mage (මයුරී මගේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

නෑඹුල් වියේදී බැඳි ආදරේ
වෙනසක් වෙලා නෑ තව මා කෙරේ
සුරතේ වෙලීලා සයුරු තෙරේ
ඇවිදින්න යන්න එන්නකෝ හෙමින් සැරේ

මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

බමරුයි මලයි සේ හිඳිමූ බැඳී
සිතු දේ පැතූ දේ ඇත සන්සිඳී
තැවුලක් නිසා හෝ හදවත් රිදී
වෙන්වීලා යන්න නම් එපා මගෙන් මිදී

මයුරී මගේ සුදු කෙල්ලේ කියා
ඇමතූ විලාසේ කදිමයි ඔයා
දඟකාර දෑ‍සේ බැල්මක් හෙළා
සනසන්නකෝ මා ප්‍රියේ ළංවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment