රසවත් කේක් එකක් හදමු (Cake Hadamu)

රසවත් කේක් එකක් හදමු (Cake Hadamu) - Your Choice Way

පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් කේක් වට්ටෝරුවක් මං අද ඔයාලට අරන් ආවා. වෙනස්ම රසයක් ,ඔයාලා ගොඩක් ආස වෙයි කියලා හිතෙනවා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥥 කැරමල් එක සඳහා සීනි කෝප්ප 1 ක්
  • 🥥 වතුර කෝප්ප 1/2 ක්
  • 🥥 ගාගත් පොල් කෝප්ප 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ගෙන එයට සීනි ටික දමා රත් කරන්න .සීනි දියවී රන්වන් පැහැයට හැරුණු පසු එයට වතුර කෝප්ප භාගය එකතු කර හොඳින් උණුකර ගන්න.
  2. දැන් කේක් තැටියට මේ කැරමල් දමා වටේට හොඳින් තවරා ගන්න.
  3. මෙය මදක් නිවුණු පසු ඒමත ගාගත් පොල් අතුරා ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥥 බිත්තර 3 ක්
  • 🥥 සීනි කෝප්ප 1  1/2 ක්
  • 🥥 ලුණු පිංචක් 
  • 🥥 වැනිලා තේ හැඳි 1 ක් 
  • 🥥 එලවලු තෙල් / කැනෝලා ඔයිල් කෝප්ප 1/2 ක්( මං පාවිච්චි කලේ කැනෝලා ඔයිල්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ගෙන මෙම ද්‍රව්‍ය සියල්ල එයට දමා හොඳින් බීට් කර ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥥 පාන් පිටි කෝප්ප 1 1/2 ක්
  • 🥥 බේකින් පවුඩර් මේස හැඳි 1 ක්
  • 🥥 පොල්කිරි කෝප්ප 1/2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. දැන් මේ ද්‍රව්‍ය ඉහත මිශ්‍රණයට  දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  2. මෙම මිශ්‍රණය කැරමල් සහ පොල් අතුරා සකසා ගත් තැටියට දමන්න.
  3. 180 °C  උශ්ණත්වයෙන් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 30 ක් පමණ බේක් කර ගන්න. ඉරටුවක් හෝ ටූත්පික් එකක් ආධාරයෙන් බේක් වෙලාද කියලා බලන්න .මදි වගේ නම් උෂ්ණත්වය 150 °C ට වගේ අඩුකර තව  විනාඩි 5,10 ක් පමණ බේක් කර ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
රසවත් කේක් එකක් හදමු (Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment