Malapothe Akuru Ba Ki Miniha Song Lyrics - මළපොතේ අකුරු බෑ කී මිනිහා ගීතයේ පද පෙළ

Malapothe Akuru Ba Ki Miniha Song Lyrics - මළපොතේ අකුරු බෑ කී මිනිහා ගීතයේ පද පෙළ
Song Title : Malapothe Akuru Ba Ki Miniha (මළපොතේ අකුරු බෑ කී මිනිහා)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : එච්. එම්. ජයවර්ධන


මළපොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා
මළපොතේ අකුරු බෑ කී මිනිහා

මං කැන්දන් එන දවසේ
කණ අස්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුණ්ඩු කෑලි එකට තියනවා
මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා

මළපොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා
මළපොතේ අකුරු බෑ කී මිනිහා

පාන්දරම කඩේ ගිහින්
ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
කහට කෝප්පය පැත්තක හීතල වෙනවා

මළපොතේ අකුරු බෑ කී මිනිහා
ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා
කොහෙන් ඉගෙන ගත්තද මන්දා
මළපොතේ අකුරු බෑ කී මිනිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment