Mage Hitha Wenathaka Yawi Athi Bawa Song Lyrics - මගෙ හිත වෙනතක යාවී ඇති බව ගීතයේ පද පෙළ

Mage Hitha Wenathaka Yawi Athi Bawa Song Lyrics - මගෙ හිත වෙනතක යාවී ඇති බව ගීතයේ පද පෙළ
Song Title : Mage Hitha Wenathaka Yawi Athi Bawa (මගෙ හිත වෙනතක යාවී ඇති බව)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය : සරත් දසනායක


මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා
නෑ වෙනින්
කෙනෙකු මා
පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

මේ වගේ
සුළු දෙයින්
ඔය තරම්
උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගෙ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment