Wasara Ganan Asure Sitiyath Song Lyrics - වසර ගණන් ඇසුරේ සිටියත් ගීතයේ පද පෙළ

Wasara Ganan Asure Sitiyath Song Lyrics - වසර ගණන් ඇසුරේ සිටියත් ගීතයේ පද පෙළ
Song Title : Wasara Ganan Asure Sitiyath (වසර ගණන් ඇසුරේ සිටියත්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
තනුව හා සංගීතය : සරත් දසනායක


වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

සුවඳක් නැති මලකින් මා කොහොමද සුවඳක් ලැබ ගන්නේ
සිසිලක් නැති සෙවණක මා කොහොමද සිසිල ලබාගන්නේ
අඳුරක් ඇති හදකින් මා කොහොමද එළිය ලබාගන්නේ
සෙනෙහස නැති හදකින් මා කෙළෙසද සැනසුම ලැබ ගන්නේ

වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

නෙතට කදුළු දුන් හසුනක් යළි මා නෙත ගැටෙන්නෙ නෑ
සිත රිදවූ ඒ සිතිවිලි කිසිවක් යළි මා සිතන්නෙ නෑ
හදක වේදනා පැතුම් යළි යළිත් මා නම් පතන්නෙ නෑ
තනිව සිටිමි වෙන්වී දිවි ඇති තෙක් මා පෙම් කරන්නෙ නෑ

වසර ගණන් ඇසුරේ සිටියත්
හඳුනාගම්ද කෙසේ
අපගෙ සිතුම් පෑහෙනු බැරිවී
අහසට පොළව ලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment