Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ

Ma Nethu Magahara Song Lyrics - මා නෙතු මඟහැර ගීතයේ පද පෙළ
Song Title : Ma Nethu Magahara (මා නෙතු මඟහැර)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : යමුනා මාලනී පෙරේරා
තනුව : එච්.එම්. ජයවර්ධන


මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ //

රෑ කළ කුමුදක් සේ මා පිපි සඳ
ඔබ හිරු සේ දාවලට වඩී
දහවල නෙළුමක් වූ සඳ විල් තෙර
ඔබ සඳ සේ ඝණ රෑක රැඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ

මා රන් තරුවක් වූ සැන්දෑ කළ
ඔබ දුක සේ සමුදුරෙහි කිඳෙයි
මා සිත වියරුව කුණාටු දී මුසු
සුණු හසරැලි ගල් පවුරෙ බිඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment