Kurudu Suwadathi Song Lyrics - කුරුඳු සුවදැති ගීතයේ පද පෙළ

Kurudu Suwadathi Song Lyrics - කුරුඳු සුවදැති ගීතයේ පද පෙළ
Song Title : Kurudu Suwadathi (කුරුඳු සුවදැති)
ගායනය : චාමර වීරසිංහ


කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ

හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය
සොඳුරු පුවතයි ජීවිතේ
සදා තරුණයි ජීවිතේ

වෙනදා වගේම පුරහඳ
පුරවරයට පා එනවිට
වෙනදා වගේම පුරහඳ
පුරවරයට පා එනවිට
දැනෙන දුක නිදුකක් බව
ගැඹුරු ලෙස දැනෙනව මට

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ

නපුර වපුරන අදුරද
පිදුරු අවුලයි මතකෙට
නපුර වපුරන අදුරද
පිදුරු අවුලයි මතකෙට
කදුරු පුපුරයි හද තුළ
ඒත් මිහිරී එය මට
කදුරු පුපුරයි හද තුළ
ඒත් මිහිරී එය මට

කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වී මගෙ සුසුමට
අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment