Kiri Suvanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ

Kiri Suvanda Athin Gena Song Lyrics - කිරි සුවඳ අතින් ගෙන ගීතයේ පද පෙළ
Song Title : Kiri Suvanda Athin Gena (කිරි සුවඳ අතින් ගෙන)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : සමන්ත පෙරේරා


කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිනි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැතිද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිග් කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබගෙ පා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment