Mi Aba Aththe Koho Koho Song Lyrics - මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයේ පද පෙළ

Mi Aba Aththe Koho Koho Song Lyrics - මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයේ පද පෙළ

Mi Aba Aththe Koho Koho Song Lyrics - මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයේ පද පෙළ
Song Title : Mi Aba Aththe Koho Koho (මී අඹ අත්තේ කොහෝ කොහෝ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක
1981 දී තිරගතවූ “චංචල රේඛා” චිත්‍රපටියට ගැයුණු ගීයකි.


මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ //
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පූ

ගම් මැද්දේ සරු අවුරුදු දා //
පච්ච වඩම් පළඳා

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

හිස තෙල් ගානා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නඟාලට
පින් පලදේ අවුරුදු ජයවී

එක මව් කුසයේ ඉපදේවා //
මතු මතු සංසාරේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

රබාන රත්වෙන නැකැත් වෙලාවට
නලාව පිඹහන් කොහෝ කොහෝ 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment