Kandulinma Gayu (Remake) Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ

Kandulinma Gayu (Remake) Song Lyrics - කඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළ
Song Title : Kandulinma Gayu (Remake) (කඳුලින්ම ගැයූ)
Artist : Gayan Gunawardana
New Music : Gayan Gunawardana
Guitars : Chanaka Senadheera
Lyrics : Dr Ajantha Ranasinghe
Original Music : Sarath De Silva
Starring : Poojani Bhagya
DOP : Anjula Madushan


කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment