Kanda Kenda Karanu Pinisa Song Lyrics - කන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ පද පෙළ

Kanda Kenda Karanu Pinisa Song Lyrics - කන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ පද පෙළ
Song Title : Kanda Kenda Karanu Pinisa (කන්ද කෙන්ද කරනු පිණිස)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච්.එම්. ජයවර්ධන


කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා

අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුණු මල් සේරොම බඹරුන්ටත් දීලා
බලා හිඳියි ගසක් ඔහේ සුළඟේ හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ ගැලවීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා

අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

කුණාටු සුලි සුළං වැදී ගහකොළ පෙරළාවී
මුල හොඳ නම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙළා රැගෙන යාවී
ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා

අන්ද මන්ද ඝණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment