Ma Biso Song Lyrics - මා බිසෝ ගීතයේ පද පෙළ

Ma Biso Song Lyrics - මා බිසෝ ගීතයේ පද පෙළ
Song Title : Ma Biso (මා බිසෝ)
Artist : Dilan Nuwaragedara
Lyrics : Dilan Nuwaragedara
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Esraj : Wishmi Anushka
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර චාරිකාවේ
අතැර සුව පිරි නුවර
මේ වංකගිරි කොළඹ
කටු තුඩු මතින් දුවන
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

දුටු දනන් පිනන නීල නෙතු සඟල
කඳුළු පිසදා සිනාවෙන කොපුල
ආලයෙන් පිරුණ සුදෝ සුදු ලැමැද
වියලුනාදෝ දිය පිරුණු විල
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

සිටු මැදුරු පිස ශෝකයෙන් යුතුව
නුරාවන් මවා රාගයෙන් වෙලෙන
පාපයෙන් යුතුව හාද වී සුළඟ
මියැදුනාදෝ රොන් පිරුණු මල
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment