Ara Sanda Paluwen Song Lyrics - අර සඳ පලුවෙන් ගීතයේ පද පෙළ

Ara Sanda Paluwen Song Lyrics - අර සඳ පලුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Ara Sanda Paluwen (අර සඳ පලුවෙන්)
ගායනය : සේනානායක වේරලියද්ද
ගී පද : නන්දා උඩවත්ත
සංගීතය : ජානක ෆොන්සේකා


අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි
අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
අපි ඇල්හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරිවී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන් දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමෙන් මන් එනතුරු
ඉන්නවා නේද මගෙ රන්කඳ

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment