Wana Malata Asawe Song Lyrics - වන මලට ආශාවේ ගීතයේ පද පෙළ

Wana Malata Asawe Song Lyrics - වන මලට ආශාවේ ගීතයේ පද පෙළ
Song Title : Wana Malata Asawe (වන මලට ආශාවේ)
ගායනය : එච්. ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව සහ සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ හිතට හිත චිත්‍රපටියේ ගීයකි.


වන මලට ආශාවේ
වන බඹරා ආවා සේ
මම ප්‍රේමී ආවා සොයා (ඕ මේ ආවේ)

මද පවනේ සැනසිල්ලේ
ඔබ තුරුලේ නැළැවිල්ලේ
මම මිහිර දෙන්නම් සදා

කුමුදිනිට සඳ වාගේ
හැමදාම ඔබ මාගේ
මගෙ පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)

අත ගන්න සැනසිල්ලේ
නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා සොයා

පිළිගන්න මේ ආලේ
දැන් නේද හොඳ කාලෙ
මනරංජනී වේ සුදා ..//

ඔබ නේද සුර කෙල්ල
පෙම් ලෝකේ ගිණි දැල්ල
රඟ දෙන්න මිහිරේ සදා
රඟ දෙන්න මිහිරේ සදා

කුමුදිනිට සඳ වාගේ
හැමදාම ඔබ මාගේ
මගෙ පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)

අත ගන්න සැනසිල්ලේ
නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා සොයා

වන මලට ආශාවේ
වන බඹරා ආවා සේ
මගෙ ප්‍රේමී ආවා සොයා (ඕ මේ ආවේ)

මද පවනේ සැනසිල්ලේ
ඔබ තුරුලේ නැළැවිල්ලේ
මම මිහිර දෙන්නම් සදා

කුමුදිනිට සඳ වාගේ
හැමදාම ඔබ මාගේ
මගෙ පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)

අතගන්න සැනසිල්ලේ
නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment