Wahi Diya Maha Song Lyrics - වැහි දිය මහ ගීතයේ පද පෙළ

Wahi Diya Maha Song Lyrics - වැහි දිය මහ ගීතයේ පද පෙළ
Song Title : Wahi Diya Maha (වැහි දිය මහ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : නුවන් ලියනගේ


වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න

රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment