Pancha Kalyaniye Song Lyrics - පංච කල්යාණියේ ගීතයේ පද පෙළ

Pancha Kalyaniye Song Lyrics - පංච කල්යාණියේ ගීතයේ පද පෙළ
Song Title : Pancha Kalyaniye (පංච කල්යාණියේ)
Singing : Krishantha Erandaka


පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ
නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ

නීල අඹරෝරෙ පෑයූ සඳේ
චන්ද්‍ර කාන්තියට ඔච්චම් කළේ
නුඹගෙ පැහැයෙන් ද
මුහුණෙ හැඩයෙන් ද
ඉතිං පවසන්න කල්යාණියේ
ඉතිං පවසන්න කල්යාණියේ

පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ
නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ

නීල දිය දහරෙ පිබිදී සැලී
පාට රන් වරුණ දිලිසේ යළී
පුෂ්ප මකරන්ද
සුවඳ නුඹගෙන් ද
ඉතිං පවසන්න සුව දේහිනී
ඉතිං පවසන්න සුව දේහිනී

පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ
නින්දෙ අඩනින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ
පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ
පංච කල්යාණියේ සෞම්ය මේ රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment