Sansare Pathu Pathum (Amma Sadadara) Song Lyrics - සංසාරේ පැතු පැතුම් (අම්මා සදාදර) ගීතයේ පද පෙළ

Sansare Pathu Pathum (Amma Sadadara) Song Lyrics - සංසාරේ පැතු පැතුම් (අම්මා සදාදර) ගීතයේ පද පෙළ
Song Title : Sansare Pathu Pathum (Amma Sadadara) (සංසාරේ පැතු පැතුම් (අම්මා සදාදර))
ගායනය : සමිතා මුදුන්කොටුව
සංගීතය : අතුල අධිකාරි
පද : උපාලි බණ්ඩාර වීරසේකර


සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා

පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළු කැට දිරිය වුණි

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

මෙත් මුදිතා හද සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මවුනි ඔබ බුදුවන්නී

අම්මා සදාදර ඔබයි මගේ අම්මා

සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා

අම්මා සදාදර ඔබයි මගේ අම්මා ///
අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment