Raththi Aran Udanakke Song Lyrics - රත්ති අරන් උදනැක්කේ ගීතයේ පද පෙළ

Raththi Aran Udanakke Song Lyrics - රත්ති අරන් උදනැක්කේ ගීතයේ පද පෙළ
Song Title : Raththi Aran Udanakke (රත්ති අරන් උදනැක්කේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


රත්ති අරන් උදනැක්කේ කොහෙද යන්නෙ නඟෝ
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නඟෝ //

තෙලටිය ගොන්නේ තෙලටිය දලූ මැද ඉන්නේ
කෙකටිය ගොන්නේ කෙකටිය දලූ මැද ඉන්නේ
කණටිය ළඟ මියන පඳුරු අතරේ ඉන්නේ
නුඹ නොබලා ඉන්න බැරිය ඇස් රිදවෙන්නේ

රත්ති අරන් උදනැක්කේ කොහෙද යන්නෙ නඟෝ
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නඟෝ //

හේන කොටා ගිණි තියලා ඇල් ඉහලා ඇත
මිදුලෙ බුලත් පන්දලමේ දළු ලියලා ඇත
කුඹුරේ මා වී සරුවට කිරි වැදිලා ඇත
නඟෝ මගේ පැලට වරෙන් අගහිඟයක් නැත

රත්ති අරන් උදනැක්කේ කොහෙද යන්නෙ නඟෝ
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නඟෝ //
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නඟෝ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment