Chethana Parishuddha Wuwath Pem Satan Paradi Song Lyrics - චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ගීතයේ පද පෙළ

Chethana Parishuddha Wuwath Pem Satan Paradi Song Lyrics - චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ගීතයේ පද පෙළ
Song Title : Chethana Parishuddha Wuwath Pem Satan Paradi (චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී
අසාධාරණ හැඟුම් කැටිවුණු
කුරිරු මිනිසුන් වෙසෙන ලෝ තුල
චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී

ආලයට මඟ වැටී ඇත්තේ
මල් විමන් අතරින් නොවේ //
පෙම්වතුන් යන මං පෙතක් මැද
මල් පිපී තිබුණේද කිසිදින
චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී

ආලයට දිවි පිදූවන් මිස
ආලයෙන් ජය ලැබූ අය නැත //
කඳුළකින් තොර පෙම් කතාවක
සටහනක් හමුවේද කොතැනක
චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී
අසාධාරණ හැඟුම් කැටිවුණු
කුරිරු මිනිසුන් වෙසෙන ලෝ තුල
චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment