Nalum Male Pethi Kadala Song Lyrics - නෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළ

Nalum Male Pethi Kadala Song Lyrics - නෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළ

Nalum Male Pethi Kadala Song Lyrics - නෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළ
Song Title : Nalum Male Pethi Kadala (නෙළුම් මලේ පෙති කඩලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : පැට්‍රික් දෙනිපිටිය
මේ ගීය බොහෝ අය විසින් ගායනා කර ඇත. එම්.එස්. ප්‍රනාන්දු ම මරියසෙල් ගුණතිලක සමගින් කළ ගායනය පසු කලෙක වඩාත් ජනප්‍රිය විය. පළමුවෙන් ගායනා කළේ ඇන්ජලින් සමගයි.


නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා

බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා

දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා
සුරංගනා ලෝකේ සොයාලා //

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නළවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
සමනලයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනලා එන කල මලට පියඹලා
පිළිගන්නෙමි පෙති විහිදාලා

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා

බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා

දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා
සුරංගනා ලෝකේ සොයාලා //

මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
මම නිල් දිය පාරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා

බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා

දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා
සුරංගනා ලෝකේ සොයාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment