Hime Saman Dewi Pihiten Song Lyrics - හිමේ සමන් දෙවි පිහිටෙන් ගීතයේ පද පෙළ

Hime Saman Dewi Pihiten Song Lyrics - හිමේ සමන් දෙවි පිහිටෙන් ගීතයේ පද පෙළ

Hime Saman Dewi Pihiten Song Lyrics - හිමේ සමන් දෙවි පිහිටෙන් ගීතයේ පද පෙළ
Song Title : Hime Saman Dewi Pihiten (හිමේ සමන් දෙවි පිහිටෙන්)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු සමග ඇන්ජලින් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද : කරුණාරත්න අබේසේකර
සංගීත සංකලනය : පී.එල්.ඒ. සෝමපාල (සම්ප්‍රදායික විරිඳු නාද රටා ඇසුරෙන්)
1958 දී තිරගතවූ දෙයියන්ගෙ රටේ චිත්‍රපටියෙනි.


හිමේ සමන් දෙවි පිහිටෙන් හරියයි අපි ආපු වැඩේ
ගමේ ගොඩේ ඉන්න තරම් තරුණ ගැටව් කෝපි කඩේ
අපි ආ තැන වරදීවිද

හැලප තලප කැවුම් කොකිස් ආස්මි අතිරහ කෑමට
ගලප ගලප විරිඳු කියමි කෝපි කෝප්පය බීමට
රඹ කිඳ කිඳ රබන් කකිඳ

අණ්ඩක් නැති ලණු දිරච්ච පුටු දෙකකට බලියාගෙන
නින්දක් නිදි ටයිගරයා හොම්බේ දැලි තවරාගෙන
අබුං කටයි බත් දෙකටයි

කෙකර ගගා දඟල දඟල දුම් දමනව බොයිලේරුව
හැකර කටක් බුලත් කකා ඇදබානව කයිවාරුව
කෙක් කෙන් කෙක් කෙකරලියා

හදිස්සියට සීනි නොදැම්මත් පැණි රහ නම් දැනෙනව
ළමිස්සියන් හදන කෝපි බිව්වම ඇඟ පාට වෙනව
හැබැයි හැබැයි බොරුත් හැබැයි

රූපිකාවො මැද තිව්වත් හොඳට හැඩයි ඇහැට කනට
සාපින් කෑවත් නැතුවත් බණ්ඩිය පිරෙනවා පිනට
පැන පැන දෙයි දෙන දෙයියෝ

ඇසිල්ලකටවත් නෑ නේ බංකු කොටේ හිස් වන්නේ
කෙසෙල්පතනෙ කවුන්සලය කෝපි කඩෙයි රැස්වන්නේ
බුලත් හපයි දුටත් සැපයි

සණ්ඩු කරන්නේ මොකටද කට කෑවත් කවි මාගෙයි
වණ්ඩු ආප්පය බලන්න පාණ්ඩු හැදිලා වාගෙයි
ඇත්ත කියා පැත්ත කන්න

ළමිස්සියකි ජොහයියාගෙ දෝණියැන්දා නොගිය දීගෙ
මිරිස් කරල වගේ සැරයි ලස්සණ ගිණි කිකිළි වාගෙ
හිනාවටම බඩ පිරෙනව

බොහොම ජයයි ජාවාරම සරස්වතිය ළඟට වඩී
මෙහෙම ගෑණු ළමයි ඉන්න කඩපිල්වල මැස්සො වැඩී
මදුරුවො බෝ වෙන්නෙ නැද්ද

සබේ බොහොම ජය කාරයො අද ඉන්නා බව දන්නව
තඹේ පටන් රිදී කාසි දුන්නොත් අපි පිළිගන්නව
සල්ලියි දෙවියන්ගෙ මල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment