La Sada Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ

La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ
Song Title : La Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා)
ගායනය : සමිතා මුදුන්කොටුව
පද රචනය : අසංගි විජේසූරිය
සංගීතය : භාගෙශ්‍රී ෆොන්සේකා


ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ - හදේ තත් ගැටී
සුසුම් යාවුනා - පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment