Kadula Niwannam Song Lyrics - කඳුළ නිවන්නම් ගීතයේ පද පෙළ

Kadula Niwannam Song Lyrics - කඳුළ නිවන්නම් ගීතයේ පද පෙළ
ගායනය : ප්‍රියානි ජයසිංහ
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : අශෝක කෝවිලගේ
(මුල් ගායනය : චරිතා ප්‍රියදර්ශනී)


කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම් //

මල් පූදින්නේ දෑගිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ //
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිතරිදවා හඬවන්න නොවේ.

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝණදුර දුරු කරවා ලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
හිතකට එළියක් ලැබ දෙන්නයි

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment