Mahada Premadare Song Lyrics - මහද ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ

Mahada Premadare Song Lyrics - මහද ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ
Song Title : Mahada Premadare (මහද ප්‍රේමාදරේ)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා //
මහද ප්‍රේමාදරේ

දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා //
සමසේ බෙදා දුක් වේදනා
භවයෙන් භවේ අපි යමු

මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා
මහද ප්‍රේමාදරේ

රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දෙයි විරහ වේදනා //
සැකයෙන් මිදී කුළුණක් ලෙසේ
හිඳිමු අපේ ලෝකයේ

මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා //
මහද ප්‍රේමාදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment