Dahadiya Suwadalu Song Lyrics - ඩහදිය සුවඳලූ ගීතයේ පද පෙළ

Dahadiya Suwadalu Song Lyrics - ඩහදිය සුවඳලූ ගීතයේ පද පෙළ
Song Title : Dahadiya Suwadalu (ඩහදිය සුවඳලූ)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : එම්.ආර්. චූලසිංහ


ඩහදිය සුවඳලූ වටිනා මුතු ඇට වගේලු
කරගැට සිනිඳුලු දුටුවම මල් පෙති වගේලු
අඬහැර මිහිරිලු
ලස්සණ ගීයක් වගේලු
මඩ සෝදා ගත්තම රජ කමටත් සුදුසුලු

ගොයම් කපල වෙහෙස වෙලා ඩහදිය දන් දුන්නු දාට
රජ්ජුරුවෝ ලණු ඇඳ උඩ ඔහේ ඉන්නවා

බිසව මිදුලෙ පැත්තක දඬු හෙරළි කපනවා

ඩහදිය සුවඳලූ වටිනා මුතු ඇට වගේලු
කරගැට සිනිඳුලු දුටුවම මල් පෙති වගේලු
අඬහැර මිහිරිලු
ලස්සණ ගීයක් වගේලු
මඩ සෝදා ගත්තම රජ කමටත් සුදුසුලු

ගිමන් නිවන්නට වාගේ සුළං රැලට එකතු වෙලා
මාලිගාවෙ පොල්අතු ටික පවන් සලනවා

අපි කන හැටි ලිපා දනිත් දුකත් හිතෙනවා

ඩහදිය සුවඳලූ වටිනා මුතු ඇට වගේලු
කරගැට සිනිඳුලු දුටුවම මල් පෙති වගේලු
අඬහැර මිහිරිලු
ලස්සණ ගීයක් වගේලු
මඩ සෝදා ගත්තම රජ කමටත් සුදුසුලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment