Budu Puthe Wesak Song Lyrics - බුදු පුතේ වෙසක් ගීතයේ පද පෙළ

Budu Puthe Wesak Song Lyrics - බුදු පුතේ වෙසක් ගීතයේ පද පෙළ
Song Title : Budu Puthe Wesak (බුදු පුතේ වෙසක්)
ගායනය : චන්දන ලියනාරච්චි


බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවේ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

සිහිවන්න බුදු ගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගේ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුනේ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහන
මගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාට
සිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment