Bala Innawane Song Lyrics - බලා ඉන්නවානේ ගීතයේ පද පෙළ

Bala Innawane Song Lyrics - බලා ඉන්නවානේ ගීතයේ පද පෙළ
Song Title : Bala Innawane (බලා ඉන්නවානේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
හින්දි තනුවකි.
සංගීතය : මොහොමඩ් සාලි
1958 දී තිරගත වූ "ගාර් සංසාර්" (Ghar Sansar) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "බාලා කම්නේ වාලේ" (Bhala Karne Wale) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


බලා ඉන්නවානේ
බලා උන්නෙ සැමදා
ඔබේ මුහුණ දැකලා
මැරුණත් කමක් නෑ

බලා ඉන්නවානේ
බලා උන්නෙ සැමදා
ඔබේ මුහුණ දැකලා
මැරුණත් කමක් නෑ //
බලා ඉන්නවානේ

ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ...

ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ
එදයි දැක්කෙ කෝ ආයෙ නෑ නේද දුටුවේ
ඔබයි ආදරේ ගත්ත මා රූපිකාවී
ඔබේ මුහුණ දැකලා මැරුණත් කමක් නෑ


බලා ඉන්නවානේ
බලා උන්නෙ සැමදා
ඔබේ මුහුණ දැකලා
මැරුණත් කමක් නෑ
බලා ඉන්නවානේ

හිතේ ගින්න මෝරයි සුදා මාගෙ සිහිවෙයි

හිතේ ගින්න මෝරයි සුදා මාගෙ සිහිවෙයි
ඉතින් මා සොයා එන්න හිනැහෙන්න ආලෙන්
පැලෙයි හර්දෙ මා නාවොතින් රූපිකාවී
ඔබේ මුහුණ දැකලා මැරුණත් කමක් නෑ

 බලා ඉන්නවානේ
බලා උන්නෙ සැමදා
ඔබේ මුහුණ දැකලා
මැරුණත් කමක් නෑ
බලා ඉන්නවානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment